අද වෙළද සැලවල් වල,නිවෙස් වල,හෝටල්, කඩ කාමර සෑම එකක්ම පහේ වේගයෙන් පැතිර යන එක්තරා පිළිමයක් හා ඒ හා ව්‍යාප්ත වන වැරදි මතයක් පිළිබද ඇතිවූ කම්පනය මේ ලිපිය ලිවීමට හේතු විය.
ෆෙංෂුයි වෙළදසල වල සහ ඇතැම් විට පදික වේදිකාවේද විකිණීමට ඇති මේ පිළිමය ඔබ කව්රුත් දැක ඇතිවාට සැක නැත.වාසනාව,සෞභාග්‍යය ගෙන දෙනවායැයි කියා විකුණන මෙහි හානිකර තත්වය වන්නේ බෞද්ධ ලේබලයක් යටතේ විකිණීමයි.අවිචාරමත් ඇතැම් බෞද්ධයන්ද මිලදී ගන්නේ බුදු පිළිමයක් යැයි මුලා වෙමිනි.
සැබවින්ම මෙය කුමක්ද?බෞද්ධයන් හට කිසියම් හෝ සම්බන්ධකමක් මෙහි තිබේද?
Laughing Buddha,Fat Buddha, Skinny Buddha හෝ Hotei ලෙස හැදින්වෙන මෙම පිළිමයෙන් නිරුපනය වන්නේ චීනයේ Budai ලෙස හැදින්වෙන දෙවියෙකුය.තාඕවාදී(Taoist) නමැති ආත්මවාදී ආගමක "සතුට සහ සෞභාග්‍යයට" අධිපති දෙවියන් ලෙස හැදින්වෙන මෙම රුපය කිසිදු අයුරකින් බෞද්ධයන් හට කිසිදු සංහිදියාවක් නැති බව පැහැදිලිව පවසමි.
ඇතැම් විටෙක අපගේ බුදු රජාණන් වහන්සේ ලෙසද,තවත් විටෙක මතු බුදුවන මෛත්‍රී බුදුහාමුදුරුවන් යනාදී විවිධ මත ඔස්සේ කල සොයා බැලීම් වලින් මෙහි වූ පටලැවිල්ල සොයා ගැනීමට හැකිවුණි.
බුදුදහම බටහිර රටවලට පැතිර යාමේදී Budai සහ Buddha යන ආගමික නායකයන් දෙදෙනෙකු නොව එක් අයෙකු ලෙස හදුනා ගැනීමත් සමග මෙම පටලැවිල්ල ඇති උනි .බුදුදහමට කෝඩුකාරයන් වූ බටහිරයන් ඉන්දියාවේ සිට ප්‍රචලිත වූ බුදුදහමේ ශාස්තෘ වරයා වන බුදුන්ට චීනයේ සිට පැමිණි Budai නම් දෙවියා ලෙස වැරදියට ආදේශ කර ගැනීම මේ ගැටලුවේ මුලයි. සුප්‍රසිද්ධ Budai hotels බටහිර රටවල දැකිය හැක.
Laughing Buddhaගේ බඩ අතගෑමෙන් ඔවුන් මුදල් හා සෞභාග්‍යය පතති.ඒවායින් අපිට එල නැත.
මහත් වූ උදරයක් ඇත්තාවූ ද ,තට්ට හිසින් යුතු ,විසිළු පෙනුමැති මේ පිළිමයෙන් නිරුපනය වන්නේ අපගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් හෙබි ආරෝහ පරිනාහ දේහයකින් යුතු අපගේ බුදුරදුන් යැයි ඇතැම් බෞද්ධයන් පිළිගනිම පුදුම සහගතය.
අපගේ බුදුරදුන්ගේ පෙනුම සමග පහත සංවාදය සිහි වේ.
බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් පසු රජගහ නුවරට වඩිනා විට උන් වහන්සේට උපක නම් ආජීවකයා හමු විය..ශාන්ත ගමනින් වඩිනා බුදුන් වහන්සේ දැක මෙම උපක ආජීවකයා පුදුමයට පත වී මෙසේ පැවසීය.
"ඇවැත්නි ඔබගේ ඉන්ද්‍රියයෝ ඉතාමත්ම පැහැපත්ය, ශරීර වර්ණය පිරිසුදුය, හාත්පසින් බබලන්නේය. ඇවැත්නි, ඔබ කවරෙකු උදෙසා පැවිදි වූයෙහිද ? "
බෞද්ධයන් සදහම් මාර්ගයට පැමිණීමේ මුල් පියවර වන්නේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව උපදවා ගැනීමයි.
අපට හුරු පුරුදු බුදු පිළිම වලට සැබවින්ම බුද්ධ තේජස පිලිබිබු කල නොහැකි උනත් , විසිළු පෙනුමැති ෆෙංෂුයි පිළිමය එය සුනු විසිනු කරන බව නම් කිව හැක.
මෙම පණිවිඩය හැකි තරම් ව්‍යාප්ත සහ Facebook හි share කරන ලෙස ඉල්ලමින් දහම් පාසලේ උගත් කවියක් සමග ලිපිය නිමා කරමි.
පුන් සඳ මෙන් කදු මුදුනේ දිස් වන
රන්වන් සිව්රක් පොරවා රැස් දෙන
තුන් ලොවටම මෙත් කරුණා වස්සන
අන්න බලන් බුදු සමිදුගේ ලස්සන...
සම්මා සම්බුදු සමිදුගේ මුනේ
ලස්සන වෙන කිසි මලකත් නැනේ......
අදහස් දක්වල යන්න....
දැනුම ලබා ගත් සබැදි කිහිපයක්.