Pages

Monday, May 7, 2012

කිරිපිටි මිල ගිය නිසා නම් නෙමෙයි ඔන්න...!!!

ලගදි පිටිකිරි මිලත් ඉහල ගියා. . . අපි ඒ ගැනත් දැනුවත් වෙලාම බොනවනම් බොමු.
http://navifantasy.blogspot.com/2011/06/blog-post.html

අයෙත් පොස්ට් කරන්න හිතුනේ ගොඩක් කාලීන මාතෘකාවක් වුන නිසා..කියවලම බලන්නකෝ

Thursday, June 2, 2011

පිටිකිරි බොනවාද ? දැනුවත් වී බොනව නම් බොන්න...

කිරිපිටි නම් වූ වෙළද භාණ්ඩය  අප ජීවන රටාවට කොතරම් සමීපව බද්ධව ඇද්ද යන්න, ඒ පිටුපස ඇති වෙළද සැලසුම් හා සංකල්ප නොදැනෙන  තරමටම ප්‍රභල වී ඇත.ශක්තිජක පානයක්,උත්තේජකර හෝ ආහාරමය පානයක් ලෙස   භාවිතයට ගන්නා කිරිපිටි ,  සැබවින්ම බලාපොරොත්තුවන ගුණ වලින් සමන්විත වේද?
අපට මැවී ඇති චිත්‍රය නිවැරදිද?කිරිපිටි වල සෞඛ්‍යමය හිතකර/අහිතකරභාවය පිළිබද සොයා බලමු....


උදෑසන ප්‍රථම ආහාරය ලෙස කිරිපිටි වීදුරුවක්‌ පානය කිරීම මෝස්තරයකින් ඇරඹ පසුව එය පරම්පරාවෙන් දායාදය වන පුරුද්දක් බවට පත් වී ඇත.දවසට අවශ්‍ය ශක්තිය ,ජවය ලබන ප්‍රධාන ප්‍රභවය ලෙසද ,ඇතැම් විට ඒ හා බැදුණු තවත් පුරුදු ඇති වන තරමටම කිරිපිරි වලට අප ඇබ්බැහි වී ඇත.මේ අවසාන පුරුද්ද හුදු අහම්බයක් නොවන බව වටහා ගත යුතුය.කිරිපිටි අත්‍යවශ්‍ය ආහාරයක් බව ඒත්තු ගන්වා තමාට වෙළදපොලක් බිහිකර ගැනීම දක්වා ඒ පිටුපස ක්‍රියාත්මක වූ බහුජාතික සමාගම් ගැන අප විමසීමක් නොකරන්නේ,මෙහි ඇති භයානක හා අවාසිදායක පැති නොදකින්නේ අදාළ සමාගම්වල සාර්ථක වෙළද සැලසුම් නිසාමය.


නානාප්‍රකාර නම්වලින් සහ ඇසුරුම් වලින් වෙළද පොලේ දකින්නට ලැබුණත්  ශ්‍රී ලංකාවට කිරිපිටි ගෙන්වන්නේ සමාගම් දෙකකින් පමණි.ඒ නවසීලන්තය සහ ඕස්ට්‍රේලියා රටවල ප්‍රධාන බහු ජාතික සමාගම් දෙකකි. මෙලෙස ආනයනය කර සම්පුර්ණ යොදය සහිත කිරි ලෙස අපට විකුණන කිරි වල සැබෑවට අන්තර්ගත වන්නේ සකස් කර බාල කරන ලද කිරිපිටි බව පෙරළිකාර සොයා ගැනීමක් වී ඇත.එළකිරි වල අඩංගු සැබෑ යොදය වෙනුවට ඌරු තෙල් ,පොල් තෙල් සහ වෙනත් තෙල් වර්ග අඩංගු කර නැවත බාල ලෙස සකස් කරන බව එංගලන්තයේ සුප්‍රසිද්ධ රසායනාගාර සේවයක් වන "එක්ලිප්ස්"  මගින්  පර්යේෂණ කර  සොයාගෙන ඇත.මෙහි ඇති හාස්‍යජනක ස්වභාවය නම් එළකිරිවල ඉතාම පෝෂ්‍යදායී කොටස් එම රටවල චීස් බටර් නිෂ්පාදනයට යොදාගෙන ඉන් ඉතුරුවන රොඩ්ඩ අප වැනි ආසියාතික  රටවලට ලාබෙට  එවීමයි.මෙලෙස අඩුමිලකට සකස් කරන ලද පිටි එවන බව මෙරටට කිරිපිටි ගෙන්නන එක් සමාගමක් වන ෆොන්ටෙරා සමාගමේ ප්‍රධානියෙකු පිළිගෙන ඇත.අඩුමිලක විකුණන ව්‍යාජ්‍ය කිරිපිටිවල නිරුවත වසාගෙන ඇත්තේ දැවැන්ත ප්‍රචාරක යුද්ධයක් මගිනි.අද රුපවාහිනිය නරඹන විට කොතරම් ප්‍රතිශතයක් කිරිපිරි දැන්වීම් යයිද යන්න නිරීක්ෂණය කිරීමෙන් ඔවුන් මැවීමට යන චිත්‍රය පිළිබද දැන්වත් විමසිලිමත් වන්න.දැවැන්ත ලෙස වඩාත් සංවේදී තැන් ස්පර්ශ කරමින් ප්‍රචාරක ව්‍යාපාරයක ග්‍රහණයට අප හසු වී ඇත.

අත්‍යවශ ආහාරයක් ලෙස සිත් තුලට කැවීමට උත්සුක නොවන්නේ නම් කිරිපිටි මිල රු.30කින් අඩු කල හැකි බව ගණනය කර තිබේ.ඇමරිකානු සෞඛ්‍ය ආයතනයේ ජෝන් වීස්බර්ග් පවසන්නේ තේ වලින් ලැබෙන නිසි ගුණය ලැබෙන්නේ කිරි නොදා පානය කල විට බවයි.තේ වල ඇති මහගු ගුණයක් වන හර්ද රෝග සහ පිලිකා නැති කිරීමේ ගුණය කිරි යෙදීමෙන් හීන වන බව ඔහු පෙන්වා දෙයි.

බලාපොරොත්තුවන ගුණය නොලබෙනවට වඩා ඔබ්බට  ගිය හානියක් කරන  ආනයනය කරන ලද කිරිපිටි, රෝග රැසකට මුලපුරන බව ඔබ දන්නේ නම් කිසි දිනක රටපිටිකිරි භාවිතා නොකරන බවට නිසැකය. ඒවා සෘජුව වකුගඩු අක්‍රමිකතා ,දියවැඩියාව,අධි රුධිර පීඩනයට හා ඇතැම් පිළිකා තත්ත්ව වලට  බලපාන බව වයිද්යවරු විසින් තහවුරු කර ඇත.චීනයේ කිරිපිටි පානය කර මියගිය ළදරුවන් සමග ඇති වූ  රැල්ලත් සමග ලංකාවේද “මෙලමයින් ”නමැති රසායන ද්‍රව්‍යය ඇත්දැයි පරීක්ෂා කෙරුණි.එහිදී චීනයේ තරම් නොවුනත් යම්කිසි ප්‍රතිශතයක් ඇති බව තහවුරු විය.මෙවැනි රසායන ද්‍රව්‍ය දීර්ගකාලයක් ශරීරගත වූ විට දියවැඩියාව සෑදීමට ප්‍රවනතාවයක් ඇත.මෙරට නාගරික ජනග්‍රහණයෙන්  16% ක්ද ග්‍රාමීය ජනග්‍රහණයෙන් 8.6%ක්ද දියවැඩියාවට ගොදුරු වී ඇත.2000 වසරේ සිට  වසර 7 ක් තුල සමස්ත ජනග්‍රහණයෙන් දියවැඩියාව වැළදුණු ප්‍රමාණය 3.7% කින් වැඩිවීම ප්‍රශ්නාර්ථ ලකුණක් අප ඉදිරියේ ඉතුරු කරයි  "?"  .
මෙතරම් හානි ගෙනෙන රට පිටිකිරි ආනයනයට අවුරුද්දකට රුපියල් ලක්ෂ 20,000 වැය කරයි.අතිශය නිරර්ථක හා හානිකර කිරිපිටි ගෙන්වීමට වැය වන විදේශ විනිමය අපට නවත්වා ගැනීමට නොහැකි වී ඇත්තේ ඇයි ? මේවයේ සත්‍ය ස්වභාවය තවමත් වසන් වී ඇත්තේ ඇයි? දේශීය කිරි නිෂ්පාදනය නගා සිටුවා රටට ගුණදායක දේවල් වෙළදපොලට නිකුත් කිරීමට රජයන්ට නොහැකි වී ඇත්තේ අදාළ බහුජාතික සමාගම් අප සිරකොට ඇති නිසාවෙනි .අධිරාජ්‍යවාදය පැතිරෙන්නා සේ බහුජාතික සමාගම් අප රට තුල පැලපදියම් වී වෙළදපොල පවත්වා ගැනීමට කටයුතු කරයි.බලය භාවිතා කර කිරිපිටි වලට ප්‍රචාරණය ලබා දෙන අතර එහි අසුභවාදී පැති සගවන්නේ මර්ධනය කිරීමෙනි.වසන්  කිරීමෙනි.

මේ පණිවිඩය හැකි තරම් ප්‍රචාරය කරන්න.Facebookහි shareකරන්න 
ආර්ථිකය කෙසේ වෙතත් අරෝග්‍යය පරම ලාභයයි.හැකි තරම් දේශීය කිරිපිටි හා දේශීය පාස්චරිත කිරි පානය කරන්න.

“අම්මාගේ ආදරය” රැගත්  “නුවණක්කාරයන්” ගන්නා “දෙනුන්ගෙන් දොවාගත් සැබෑම  එළකිරි ” වලට අප හසුවී ඇති තරම දැන්  වැටහුනි ද?

PDF download කරගන්න... 

Wednesday, May 4, 2011

එදාට වඩා අදට ගැලපෙනවා වගෙයි....

බලන්න මේ ගීතය අදට අපිට කොච්චර ගැලපෙනවද කියලා 




හත් මුහුදින් එපිට ගුගුරුවා
බත රොයි උගුරු දන්ඩ...
හත් දෙය්යන් බලා ඉද්දි 
මහත් වරුනි දන්නවාද සුද්දෝ ආවෙ රට කරන්න...

ඇත්දත් ගම් මිරිස් කුරුදු මැණික් අරන් එතෙර යන්න
ලක් මවුණගෙ දරු පැටවුන් වහල් කමේ තියා ගන්න
වැවු බිඳ රන් කොත බිමලා............... 
දාගැබ පිට කොඩි දමන්න
මහත් වරුනි දන්නවාද සුද්දෝ ආවෙ රට කරන්න

යෝධ කදු වළලු වටලා වන හිස මුඩු බිම් කරන්න
කෝපි තේ රබර් වවලා එතෙර ඒ දේසෙට යවන්න
ඉර නොබහින පොළව වටේ................
කතිර කොඩිය ලෙළ දෙවන්න
මහත් වරුනි දන්නවාද සුද්දෝ ආවෙ රට කරන්න...

සත්තු වගේ මඩ කාගෙන දිව කාගෙන බර අදින්න
උත්තම අධිරාජ්ජෙකට ජීවිත පූජා කරන්න
අනේ අපොයි අපිත් ගියා...
පය පාමුල වාල් වෙන්න

හත් මුහුදින් එපිට ගුගුරුවා
බත රොයි උගුරු දන්ඩ...
හත් දෙය්යන් බලා ඉද්දි 
මහත් වරුනි දන්නවාද සුද්දෝ ආවෙ රට කරන්න..

මහත් වරුනි පේනවාද අදත් එනවා රට කරන්න





download :http://www.mediafire.com/?kf4nndimnkx


දේශාභිමානී ගීත :http://www.elakiri.com/forum/showthread.php?t=259348

Wednesday, January 26, 2011

එක්වන්න...සෙනෙහසේ අරුණැල්ල සමග

ජාතියක, දේශයක ප්‍රගමනය, සංවර්ධනය උදෙසා තබනු ලබන ප්‍රථම පියවර වනුයේ එම රටවැසියන්ගේ චිත්ත සන්තානයේ, සිතුම් පැතුම් සමුදායේ ඇතිවන්නා වූ සුභවාදි පරිවර්තනයි.දැනුම පුපුරා යන තාක්ෂණික ලෝකයක ඒ දැනුමෙන් මිනිසුන්  හුදෙකලා කෙරුණු කුරිරැ යුද්ධයක අපමණ සාහසිකකම්වලින්  ඉරිතැලුණු මේ ලක් දෙරණේ අපේම සහෝදරයන්ගේ ජීවිතවලට සාහිත්‍යයේ ගුණ සුවද ලගා කරමින්,මිනිසත් කමේ ගුණ උණුහුම  හදුනන ආදරණීය මතු පරපුරක් බිහි කරන්නට  සෙනෙහසේ අරුණැල්ල.... 



අහස පුරා සැරිසරන කුරුල්ලන් විදින නිදහස, කොලපාට යායෙන් ඔබ්බෙහි ඇති නිල් පාට කදු පන්තියේ සැගවී ගිය මල් ගොමුවක සුන්දරත්වය, ඒ මල් වටේ මුකුළු වන මී මැස්සන්ගේ ගුම් ගුම් නාදය විදිනවා වෙනුවට, තුවක්කුවකුත් කරේ එල්ලගෙන ජීවිතේ විදවන්න සිද්ද කළ රුදුරු ත්‍රස්තවාදය නිමා කරමින් සාමයේ හිරු කිරණ  වැව් බැඳි රාජ්ජයට, දිගාමඩුල්ලේ ඉන්න අහිංසක දරු පැටවුන්ටත්  වැටිලා තියෙනවා. නමුත් තවමත්  ලෝකය ගැන ප්‍රචණ්ඩත්වයෙන්, සාහසික ඇහැකින් බලන්න පුරුදු කරපු මේ ළමයි, ඊට හාත්පසින් වෙනස්, සෞම්‍ය සිනාවෙන් පිරුණු, මනුස්සකම උතුරන ලෝකයක් ඇති බව දන්නෙවත් නැතුව ඇති.... සිදාදියේ ගාමන්ට් එකක දණහිස්  පොල්කටු දෙක ගෙවෙනකන් මැෂින් පාගන්න, ලොකු බංගලාවක සිකුරිටි කමක් ගන්න ඇරුණම වෙන ජීවිත උරුමයක් ඔවුන්ට ඇති බව ඔවුන් නොදන්නවා වෙන්න ඇති ......



කුරිරු ත්‍රස්තවාදයෙන් බැට කාපු මේ ජීවිත, දුක්ඛ දෝමනස්සයන් එක්කම සැඟවෙන්න්න ඕනෙද? මාර්ටින් වික්‍රමසිංහල, ජයන්ත ධනපාලලා වෙන්න ඕන අය අහස දිහා බලාගෙන හුල්ල හූල්ල බලාගෙන ඉන්න ඕනෙද???



ලෝකෙ කොහෙවත් නැති, අනුන්ගේ කදුලක පිරුණු වේදනාව දැනෙන, උණුවන හදවත් ඇති අපේ රටේ මිනිස්සුන්ගේ කරුණාව මේ මිනිස්සුන්ට ලබා  දෙන්න පුළුවන් අවස්ථාව උදා වෙලා තියෙනවා. එදා වේල පිරිමහ ගන්න කෑමක් බීමක්‌ දෙනවට වඩා
 හැමදාම එකම තැන පල්වෙන ඒ ජීවිත වල වෙනසක් කරන්න පුළුවන් වෙන්නේ පානම්පත්තුව දක්වා ඈතට  විහිදෙන ඒ ගම්වල අහිංසක දරු පැටවුන්ගේ හදවත ශක්තිමත් කළොත් විතරයි....ලෝකෙ වෙනස් කරන්න පුළුවන් අපුර්ව  ශක්තියක් තමන් තුළම සැගවී තියෙන බවත්, බුද්ධිය හා දැනුමට විශාල වටිනාකමක් ඇති බවත්, දඩු වැටෙන් ඔබ්බෙහි ඇති මහා ලෝකය ජය ගන්න මේවා යොදා ගන්න පුළුවන්  බවත් මොවුන්ට වටහල දෙන්න පුළුවන් නම්.....තාරුණ්‍යය කියන්නේ තුවක්කුවක් අරගෙන හතරවටේට වෙඩි තියන එකවත්, නැති වුන පෙම්වතිය වෙනුවෙන් කෘමිනාශක බොන එකවත්,  TV එකේ හරි Fm නාලිකාවක හරි කියන  එක රැයෙන් ප්‍රසිද්ධ උන සුපිරි තරුවක් වීමවත් නොවෙයි, ලෝකෙට ලොකු දෙයක්, වෙනසක් කරන්න පුළුවන් වගකීමක් ඇති ජීවිතයක් කියල ඔවුන්ට ඒත්තු ගන්නවන්න පුළුවන් නම්.....




ඔය කියන ජීවිත අවබෝධය, ඔවුන් තුල සැගවුණු මහා ශක්තිය අවදි කරන්න පුළුවන් පොත පතට විතරයි. මවු කිරේ රසය ඇති  වෙච්ච  කථාව, පීදෙන ගොයමක මුහු වෙච්ච දහදිය සුවද, හදවත හා ආත්මයේ ඇති  අමිල බව, ඔවුන්ට ඒත්තු ගන්වන්න පුළුවන් සාහිත්‍යයට විතරයි. මේ වටිනාකම ඔවුන්ට වටහල දීල ඔවුන් කියවන්න ඇබ්බැහි කරන්න පුලුවන්නම්... 



එත්......කියවන්න පොත් ඕනෙ,පුස්තකාලයක් තියෙන්න ඕනෙ,පුරුද්දක් නැති නිසා පොඩි අභිප්‍රේරණයක්, මඟපෙන්වීමක් ඕනෙ...කියවන්න, කියවන්න දිරිමත් කරන්න ඕනෙ...මේ දේවල් සාර්ථක උනොත් අපේ රටේ හෙට දවස ගැන සැකයක් නැහැ..මොකද, මහා පොලොවේ පන්නරය ලබන ඔවුන් පොත්පත්වල අපුර්වත්වය දැක, දැනුමින් පොහොසත්ව පිරිච්ච මිනිසුන් උනොතින් අනිවාර්යෙන්ම අපිට ලැබෙන්නේ ලෝකයේ හොදම මානව සම්පතයි....



ඉතින් මේ අරමුණ වෙනුවෙන් තමයි සෙනහසේ අරුණැල්ල කැපවෙන්නෙ....තරුණයන් පිරිසක් එකතු වෙලා නිර්මාණය කරපු සංකල්පයක් තමයි සෙනහසේ අරුණැල්ල කියන්නේ ...ඇත්තටම ඔවුන්ට තියෙන්නේ අධිශ්ටානය  විතරයි. එත් හෙට දවස වෙනුවෙන් තමන්ගේ රට වෙනුවෙන් තමන්ගේ යුතුකම කොහොමහරි ඉටු කරන්න කැපවෙන්න ඔවුන් අදිටන් කළා.... ඒ අරමුණ යථාර්තයක් කරන්න පුළුවන් සැබෑ මිනිසුන් වෙච්ච ඔබට විතරයි....මොකද සෙනහසේ අරුණැල්ල කියන්නේ එක කොටසයකට අයිති  දෙයක් නොවන නිසා...
උපන් බිමට මනුෂත්වයට ආදරේ කරන කාගේත් දෙයක් "සෙනහසේ අරුණැල්ල ".අනිත් අයගේ අඩුපාඩු හොයා හොයා ඒවාට බැන බැන සාප නොකර හෙට රට වෙනුවෙන් පොඩි හරි දෙයක් කරන්න ඔබත් කැමති නම් "සෙනහසේ අරුණැල්ල " වෙනුවෙන් ඔබත් එකතු වන්න...




පෙර දවසක කියවා රස විදපු, ඔබේ ජීවිතයේ වෙනසක් ඇති කරපු, හොද තත්වයේ තිබෙන ළමා කෙටිකථා, ප්‍රබන්ධ, පරිවර්ථන, චරිතකථා ඉතිහාස පොත් ආදිය අපට දෙන්න...ඒ පොත් හෙට දවසේ දී තවත් ජීවිත ගණනාවක පරිවර්තනයක් ඇති කරාවි. සෙනහසේ අරුණැල්ලට ඔබේ සහය නැතිනම් එය  යථාර්තයක් වෙන්න නෑ. අපේ රටේ ඉන්න මනුස්සකමට ආදරය කරන ඔබ ගැන විශ්වාසයෙන් තමයි අපි ව්‍යාපෘතිය ආරම්භ කලේ....ඔබ ලබාදෙන පොත් නිසි පරිදි බෙදා දීල ඒ ළමයින්ට කියවීමට පෙලබවීමක් ඇති කරන්න අපි සුදානම්..
ඉතින්...කැමති නම් ඔබේ ආයතනයේ, පාසලේ, පන්සලේ, ගමේ, පවුලේ මිතුරන් මේ කටයුත්තට එක් කර ගන්න ඔබ පෙරමුණ ගන්න,,,අහිංසක ජීවිත වෙනුවෙන් ඒ දෙය මහා පිනක් වේවි.පොත් වලට කාලගුණ සැලකීමක් වේවි.ඔබටත් ඔබේ දරුවන්ටත්  මහා ආශීර්වාදයක් වේවි.....ඉතින් ....මේ සෙනෙහෙබර ඇරයුම අප හා එක් වන්න.ඔබ කව්රු උනත් ඔබට මේ වෙනුවෙන් පුංචි හරි උදව්වක් කරන්න පුලුවන්නම් ඒ දෙය අපිට ලොකු හයියියක්‌ වේවි......සැබවින්ම ඔබ අපිට විශ්වාසයි....

තමන් ලැබූ දිවි         පෙවතේ
කොටසක් රට සමය    වෙතේ
පුද නොකලොත් නුබෙන්පුතේ
මෙලොවට කිසි එලක්  නැතේ


වැඩි විස්තර සදහා
senahasearunella@gmail.com
අමතන්න..
අමිල 0716315399 
නවින්ද 0714476276 

Thursday, January 13, 2011

ෆෙංෂුයි පිළිමය,..අනිවාර්යයෙන් දැනුවත් වෙන්න... !!!

අද වෙළද සැලවල් වල,නිවෙස් වල,හෝටල්, කඩ කාමර සෑම එකක්ම පහේ වේගයෙන් පැතිර යන එක්තරා පිළිමයක් හා ඒ හා ව්‍යාප්ත වන වැරදි මතයක් පිළිබද ඇතිවූ කම්පනය මේ ලිපිය ලිවීමට හේතු විය.


ෆෙංෂුයි වෙළදසල වල සහ ඇතැම් විට පදික වේදිකාවේද විකිණීමට ඇති මේ පිළිමය ඔබ කව්රුත් දැක ඇතිවාට සැක නැත.වාසනාව,සෞභාග්‍යය ගෙන දෙනවායැයි කියා විකුණන මෙහි හානිකර තත්වය වන්නේ බෞද්ධ ලේබලයක් යටතේ විකිණීමයි.අවිචාරමත් ඇතැම් බෞද්ධයන්ද මිලදී ගන්නේ බුදු පිළිමයක් යැයි මුලා වෙමිනි.
සැබවින්ම මෙය කුමක්ද?බෞද්ධයන් හට කිසියම් හෝ සම්බන්ධකමක් මෙහි තිබේද?



Laughing Buddha,Fat Buddha, Skinny Buddha හෝ  Hotei ලෙස හැදින්වෙන මෙම පිළිමයෙන් නිරුපනය වන්නේ චීනයේ  Budai ලෙස හැදින්වෙන දෙවියෙකුය.තාඕවාදී(Taoist) නමැති ආත්මවාදී ආගමක "සතුට සහ සෞභාග්‍යයට" අධිපති දෙවියන් ලෙස හැදින්වෙන මෙම රුපය කිසිදු අයුරකින් බෞද්ධයන් හට කිසිදු සංහිදියාවක් නැති බව පැහැදිලිව පවසමි.

ඇතැම් විටෙක අපගේ බුදු රජාණන් වහන්සේ ලෙසද,තවත් විටෙක මතු බුදුවන මෛත්‍රී බුදුහාමුදුරුවන් යනාදී විවිධ මත ඔස්සේ කල සොයා බැලීම් වලින් මෙහි වූ පටලැවිල්ල සොයා ගැනීමට හැකිවුණි.




බුදුදහම බටහිර රටවලට පැතිර යාමේදී Budai සහ Buddha යන ආගමික නායකයන් දෙදෙනෙකු නොව එක් අයෙකු ලෙස හදුනා ගැනීමත් සමග මෙම පටලැවිල්ල ඇති  උනි .බුදුදහමට කෝඩුකාරයන් වූ බටහිරයන්   ඉන්දියාවේ සිට ප්‍රචලිත වූ බුදුදහමේ ශාස්තෘ වරයා වන බුදුන්ට  චීනයේ සිට පැමිණි Budai නම් දෙවියා ලෙස වැරදියට ආදේශ කර ගැනීම මේ ගැටලුවේ මුලයි. සුප්‍රසිද්ධ  Budai hotels බටහිර රටවල දැකිය හැක.

Laughing Buddhaගේ බඩ අතගෑමෙන් ඔවුන් මුදල් හා සෞභාග්‍යය පතති.ඒවායින් අපිට එල නැත.

මහත් වූ උදරයක් ඇත්තාවූ ද ,තට්ට හිසින් යුතු ,විසිළු පෙනුමැති මේ පිළිමයෙන් නිරුපනය වන්නේ අපගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් හෙබි ආරෝහ පරිනාහ දේහයකින් යුතු අපගේ බුදුරදුන් යැයි ඇතැම් බෞද්ධයන් පිළිගනිම පුදුම සහගතය. 
අපගේ බුදුරදුන්ගේ පෙනුම සමග පහත  සංවාදය සිහි වේ. 

බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් පසු රජගහ නුවරට වඩිනා විට උන් වහන්සේට උපක නම් ආජීවකයා හමු විය..ශාන්ත ගමනින් වඩිනා බුදුන් වහන්සේ දැක මෙම උපක ආජීවකයා පුදුමයට පත වී මෙසේ පැවසීය.
"ඇවැත්නි ඔබගේ ඉන්ද්‍රියයෝ ඉතාමත්ම පැහැපත්ය, ශරීර වර්ණය පිරිසුදුය, හාත්පසින් බබලන්නේය. ඇවැත්නි, ඔබ කවරෙකු උදෙසා පැවිදි වූයෙහිද ? "

බෞද්ධයන් සදහම් මාර්ගයට පැමිණීමේ මුල් පියවර වන්නේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව උපදවා ගැනීමයි.
අපට හුරු පුරුදු බුදු පිළිම වලට සැබවින්ම බුද්ධ තේජස පිලිබිබු කල නොහැකි උනත්  , විසිළු පෙනුමැති ෆෙංෂුයි පිළිමය එය සුනු විසිනු කරන බව නම් කිව හැක.
මෙම පණිවිඩය හැකි තරම් ව්‍යාප්ත  සහ Facebook හි share කරන  ලෙස ඉල්ලමින් දහම් පාසලේ උගත් කවියක් සමග ලිපිය නිමා කරමි.

පුන් සඳ මෙන් කදු මුදුනේ දිස් වන
රන්වන් සිව්රක්‌ පොරවා රැස් දෙන
තුන් ලොවටම මෙත් කරුණා වස්සන
අන්න බලන් බුදු සමිදුගේ ලස්සන...

සම්මා සම්බුදු සමිදුගේ මුනේ
ලස්සන වෙන කිසි මලකත් නැනේ...... 




අදහස් දක්වල යන්න....


දැනුම ලබා ගත් සබැදි කිහිපයක්.






Tuesday, January 11, 2011

පර්දාවෙන් වැසී ගිය ලෝකය

ගිණි ගහන මද්දහනෙ
සියොලගම වෙලාගෙන
කළු පැහැති සළු වලින්...
හුස්ම පොදක් ගන්නට
නිදහසේ ඉපිලෙන සුල0 රැල්ලෙන්
නොහැකි වුණි නොවෙද අද
එදා ඔබ වැදූ පුතුන් නිසාවෙන්...
වැදුව ඔබ හැදුව ලෝකය
වැරදුනේ කෙලෙසද?
විවර කර බලනු මැන
පර්දාවෙන් වැසී ගිය ලෝකය...


Thursday, December 30, 2010

ආයුබෝවන් ෆැන්ටසියට



ෆැන්ටසිය...
"යථාර්තය දෙසට දෝලනය වන සීමා බිදුනු නිදහස් පරිකල්පිතය"
ෆැන්ටසිය යන්නට නානාප්‍රකාර අරුත්  ඇතත් මගේ   අර්ථ ගැන්වීමත් එක්ක ෆැන්ටසි ලෝකයට ආයුබෝවන් කියල පිලිගන්නවා.ගොඩක් කාලයක් තිස්සේ බ්ලොග් සටහන් කියවල ලබා ගත්ත දැනුමත් එක්ක බ්ලොග් එකක් ලියන්න හොදම කාලය මේකයි කියල හිතුන නිසා ඔන්න අද පළමු පියවර තැබුවා.

මුලින්ම මම ගැන අදුන්වල දෙන්නම්කො .මම නවින්ද කොඩිකාර .මාතර රාහුල විදුහල මගේ පාසලයි.ජීවිතේ සුන්දරම කාලයක් ගත වුනේ මගේ පාසැල  එක්ක කියල සතුටින් කියන්න පුළුවන්.පාසල් අධ්‍යාපනය හමාර කරමින් එහි දෂතම ශිෂ්‍යකු ලෙස මොරටුව විශ්ව විද්‍යාලයට ඇතුළු වෙන්න ලැබීම මම අද මතක් කරන්නේ හද පිරි සතුටෙන්.දැනට   මම මොරටුව විශ්වවිද්‍යාලයේ material science and engineering   උපාධියක් හදාරමින් සිටිනවා 

සමාජය ගැන විචාර  ,ආගමික දැනුම ,අධ්‍යාපනික තොරතුරු ,විනෝදාත්මක දෑ වගේම හිතේ හිරවෙලා තියෙන අදහස් සමාජ ගත කිරීමේ මාධ්‍යයක් විදියට මම මගේ බ්ලොග්කරණය භාවිතා කරන්නයි අරමුණ .හුදෙක් එක් විෂයකට පමණක් කොටු නොවන නිසා කම්මැලිකමක් නැතුව කාටත් රස විදින්න පුළුවන් වේවි කියල ,හැමෝටම  මගේ බ්ලොග් එකට ආරාධනා කරනවා.ෆැන්ටසිය කියල නම දැම්මෙ මොකද කියල ඉස්සරහට තේරේවි...

comments කියන දේට මම මෙතන ලොකු තැනක් දෙන්න කැමතියි .මොකද ඕනම නිර්මාණයක්,ලිපියක් පල කිරීමේ අරමුණ වෙන්නේ තවත් කෙනෙක් ඒක කියවල කම්පනයක් ,රසවින්දනයක් ලබා ගනීවි  කියල.ඒක රචකයා දැනගන්න  මාධ්‍යය  තමයි comments කියන්නේ.මගේ බ්ලොග් එකට එන පාඨකයන්ගේ comments මම ගොඩක් අගය කරන දකිනවා.ඒවා හොද පැත්තට ,නරක පැත්තට ,අගය කිරීම් ,තර්ජන ,සුභ පැතීම්, දිරිගැන්වීම්  මොන ආකාරයෙන් ආවත් බොහොම ඉහලින් අගය කරන බව කියන්න කැමතියි.
ඉතින් ඔන්න ඕකයි මගේ පළමු පියවර . :)
දිගටම මත් එක්ක රැදී සිටීවි කියල බලාපොරොත්තු වෙනවා.ඉක්මනටම නැවත හමුවෙමු !!!