Pages

Thursday, December 30, 2010

ආයුබෝවන් ෆැන්ටසියට



ෆැන්ටසිය...
"යථාර්තය දෙසට දෝලනය වන සීමා බිදුනු නිදහස් පරිකල්පිතය"
ෆැන්ටසිය යන්නට නානාප්‍රකාර අරුත්  ඇතත් මගේ   අර්ථ ගැන්වීමත් එක්ක ෆැන්ටසි ලෝකයට ආයුබෝවන් කියල පිලිගන්නවා.ගොඩක් කාලයක් තිස්සේ බ්ලොග් සටහන් කියවල ලබා ගත්ත දැනුමත් එක්ක බ්ලොග් එකක් ලියන්න හොදම කාලය මේකයි කියල හිතුන නිසා ඔන්න අද පළමු පියවර තැබුවා.

මුලින්ම මම ගැන අදුන්වල දෙන්නම්කො .මම නවින්ද කොඩිකාර .මාතර රාහුල විදුහල මගේ පාසලයි.ජීවිතේ සුන්දරම කාලයක් ගත වුනේ මගේ පාසැල  එක්ක කියල සතුටින් කියන්න පුළුවන්.පාසල් අධ්‍යාපනය හමාර කරමින් එහි දෂතම ශිෂ්‍යකු ලෙස මොරටුව විශ්ව විද්‍යාලයට ඇතුළු වෙන්න ලැබීම මම අද මතක් කරන්නේ හද පිරි සතුටෙන්.දැනට   මම මොරටුව විශ්වවිද්‍යාලයේ material science and engineering   උපාධියක් හදාරමින් සිටිනවා 

සමාජය ගැන විචාර  ,ආගමික දැනුම ,අධ්‍යාපනික තොරතුරු ,විනෝදාත්මක දෑ වගේම හිතේ හිරවෙලා තියෙන අදහස් සමාජ ගත කිරීමේ මාධ්‍යයක් විදියට මම මගේ බ්ලොග්කරණය භාවිතා කරන්නයි අරමුණ .හුදෙක් එක් විෂයකට පමණක් කොටු නොවන නිසා කම්මැලිකමක් නැතුව කාටත් රස විදින්න පුළුවන් වේවි කියල ,හැමෝටම  මගේ බ්ලොග් එකට ආරාධනා කරනවා.ෆැන්ටසිය කියල නම දැම්මෙ මොකද කියල ඉස්සරහට තේරේවි...

comments කියන දේට මම මෙතන ලොකු තැනක් දෙන්න කැමතියි .මොකද ඕනම නිර්මාණයක්,ලිපියක් පල කිරීමේ අරමුණ වෙන්නේ තවත් කෙනෙක් ඒක කියවල කම්පනයක් ,රසවින්දනයක් ලබා ගනීවි  කියල.ඒක රචකයා දැනගන්න  මාධ්‍යය  තමයි comments කියන්නේ.මගේ බ්ලොග් එකට එන පාඨකයන්ගේ comments මම ගොඩක් අගය කරන දකිනවා.ඒවා හොද පැත්තට ,නරක පැත්තට ,අගය කිරීම් ,තර්ජන ,සුභ පැතීම්, දිරිගැන්වීම්  මොන ආකාරයෙන් ආවත් බොහොම ඉහලින් අගය කරන බව කියන්න කැමතියි.
ඉතින් ඔන්න ඕකයි මගේ පළමු පියවර . :)
දිගටම මත් එක්ක රැදී සිටීවි කියල බලාපොරොත්තු වෙනවා.ඉක්මනටම නැවත හමුවෙමු !!!