Pages

Tuesday, January 11, 2011

පර්දාවෙන් වැසී ගිය ලෝකය

ගිණි ගහන මද්දහනෙ
සියොලගම වෙලාගෙන
කළු පැහැති සළු වලින්...
හුස්ම පොදක් ගන්නට
නිදහසේ ඉපිලෙන සුල0 රැල්ලෙන්
නොහැකි වුණි නොවෙද අද
එදා ඔබ වැදූ පුතුන් නිසාවෙන්...
වැදුව ඔබ හැදුව ලෝකය
වැරදුනේ කෙලෙසද?
විවර කර බලනු මැන
පර්දාවෙන් වැසී ගිය ලෝකය...


10 comments:

Anonymous said...

Fatta idea eka....ela,keep writing
api innawa....

හිස් අහස said...

නියම අදහස මිත්‍රයා ..

හැබැයි ඔය පර්දාවෙන් වැහිච්ච කෙනෙක් දිහා බැලීම තහනම් ...පරිස්සමෙන්

ජය වේවා !!

Anonymous said...

adooooo elakirine !!!!! jaya sri !!!!!!!!!

බැචා said...

ඕනම දෙයක් පිලිබදව කැමති විදිහට බලන්න ඕන කෙනෙක්ට අයිතිය තියෙනවා. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ෂයි. මේ කවියට මුස්ලිම් තරුණියක් ලියන උත්තරයක් දකින්න ආසයි. මොකද මගේ දැනීම හැටියට ,මට හමුවෙච්ච බහුතරයකට පර්දාව අභිමානයක් මිසක් කරදරයක් නෙවේ. කිර්මාණය එල!

ප.ලි- ඔය ඇදුම ඇන්දම අව්වෙ තැම්බෙනව කියල අපි හිතං හිටයට ඒක සෑහෙන සැප පහසු ඇදුමක්ලු. හොයල බලන්න..

ෆැන්ටසි said...

හිස් අහස..:බොහොම ස්තුතියි :)
ඕව් ඕව් මම දන්නවා භයානක කම..!!

ඇනොනිමස්,ඇනොනිමස්..:ජය වේවා..

බැචා..:නිදහස් අදහස්,ඕවු බ්ලොගය විව්ර්තයි අදහස් වලට ...

ලියා... said...

මට හිතෙන විදියටනම් පර්දාව කියන්නේ, අවිශ්වාසයට හා ඊර්ෂාවට දීපු අන්ථගාමී අර්ථකතනයක් කියල. මොකද සෑම මුස්ලිම් කාන්තාවක්ම පර්දාව අදින්නෙ නෑනේ. (උදා: කත්‍රිනා කයිෆ් පර්දාව ඇදල ඉන්නව මං දැකල නෑ.)(මුස්ලිම් සමාජ ක්‍රමය තුල පර්දාව අදින්න තියෙන්න ඕන සුදුසුකම් හා ඒ තුල ඇති වටිනාකම් ගැන මම දන්නෙ නෑ... එය දිහා බාහිරින් බලලයි කියුවේ...මම වැරදි නම් සමාවෙලා මාව නිවරදි කරන්න.)

LishWish said...

සෞදිකරය පුරුෂාර්ත පිරිච්ච සමාජයන්ගෙන් ගහනයි.., ඒ වගේම ඒ [ක්ෂාරියා] නීති රීති වලට අනුව සිය පාදපරිචාරිකාව [බිරිඳ] යනු පයට පෑගෙන පාපිස්සකට සමානව පෙන්වාදී ඇති..,

ඉදින්..,
කුඩාකල පියාටද
තරුණ කල සැමියාටද
මහලු කල සිය පුතුන්ට ද
යටත් ව ජීවිතට ගෙවන්නී.., ඒ වහල් බවින් ම කම්පිතය දිවිය අග මියෑදෙන්නී.., නිදහස යමු සිහිනයක් ම වී..!

Anonymous said...

ඉදින්..,
කුඩාකල පියාටද
තරුණ කල සැමියාටද
මහලු කල සිය පුතුන්ට ද
යටත් ව ජීවිතට ගෙවන්නී.., ඒ වහල් බවින් ම කම්පිතය දිවිය අග මියෑදෙන්නී.., නිදහස යමු සිහිනයක් ම වී..!


Sahatika atta!!!

Kushan said...

සමහර අයට ෆර්දාව තුල සිරවි සිටිමත් සතුටක්.... ඔවුන් ඒ සිරගත ජිවිතය සතුටින් ගත කරනව, නමුත් තවත් සමහර නිදහස් බව ලබන්න කැමති අය ෆර්දාවට කැමති නැතිවුනත් අකමැත්තෙන් අඳිනව.....මෙකේ දෙපැත්තක් තියෙනව

Anonymous said...

@kushi සිරගත වෙන්න හේතුව තමයි ලොකුම අවුල

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment