Pages

Thursday, January 13, 2011

ෆෙංෂුයි පිළිමය,..අනිවාර්යයෙන් දැනුවත් වෙන්න... !!!

අද වෙළද සැලවල් වල,නිවෙස් වල,හෝටල්, කඩ කාමර සෑම එකක්ම පහේ වේගයෙන් පැතිර යන එක්තරා පිළිමයක් හා ඒ හා ව්‍යාප්ත වන වැරදි මතයක් පිළිබද ඇතිවූ කම්පනය මේ ලිපිය ලිවීමට හේතු විය.


ෆෙංෂුයි වෙළදසල වල සහ ඇතැම් විට පදික වේදිකාවේද විකිණීමට ඇති මේ පිළිමය ඔබ කව්රුත් දැක ඇතිවාට සැක නැත.වාසනාව,සෞභාග්‍යය ගෙන දෙනවායැයි කියා විකුණන මෙහි හානිකර තත්වය වන්නේ බෞද්ධ ලේබලයක් යටතේ විකිණීමයි.අවිචාරමත් ඇතැම් බෞද්ධයන්ද මිලදී ගන්නේ බුදු පිළිමයක් යැයි මුලා වෙමිනි.
සැබවින්ම මෙය කුමක්ද?බෞද්ධයන් හට කිසියම් හෝ සම්බන්ධකමක් මෙහි තිබේද?



Laughing Buddha,Fat Buddha, Skinny Buddha හෝ  Hotei ලෙස හැදින්වෙන මෙම පිළිමයෙන් නිරුපනය වන්නේ චීනයේ  Budai ලෙස හැදින්වෙන දෙවියෙකුය.තාඕවාදී(Taoist) නමැති ආත්මවාදී ආගමක "සතුට සහ සෞභාග්‍යයට" අධිපති දෙවියන් ලෙස හැදින්වෙන මෙම රුපය කිසිදු අයුරකින් බෞද්ධයන් හට කිසිදු සංහිදියාවක් නැති බව පැහැදිලිව පවසමි.

ඇතැම් විටෙක අපගේ බුදු රජාණන් වහන්සේ ලෙසද,තවත් විටෙක මතු බුදුවන මෛත්‍රී බුදුහාමුදුරුවන් යනාදී විවිධ මත ඔස්සේ කල සොයා බැලීම් වලින් මෙහි වූ පටලැවිල්ල සොයා ගැනීමට හැකිවුණි.




බුදුදහම බටහිර රටවලට පැතිර යාමේදී Budai සහ Buddha යන ආගමික නායකයන් දෙදෙනෙකු නොව එක් අයෙකු ලෙස හදුනා ගැනීමත් සමග මෙම පටලැවිල්ල ඇති  උනි .බුදුදහමට කෝඩුකාරයන් වූ බටහිරයන්   ඉන්දියාවේ සිට ප්‍රචලිත වූ බුදුදහමේ ශාස්තෘ වරයා වන බුදුන්ට  චීනයේ සිට පැමිණි Budai නම් දෙවියා ලෙස වැරදියට ආදේශ කර ගැනීම මේ ගැටලුවේ මුලයි. සුප්‍රසිද්ධ  Budai hotels බටහිර රටවල දැකිය හැක.

Laughing Buddhaගේ බඩ අතගෑමෙන් ඔවුන් මුදල් හා සෞභාග්‍යය පතති.ඒවායින් අපිට එල නැත.

මහත් වූ උදරයක් ඇත්තාවූ ද ,තට්ට හිසින් යුතු ,විසිළු පෙනුමැති මේ පිළිමයෙන් නිරුපනය වන්නේ අපගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් හෙබි ආරෝහ පරිනාහ දේහයකින් යුතු අපගේ බුදුරදුන් යැයි ඇතැම් බෞද්ධයන් පිළිගනිම පුදුම සහගතය. 
අපගේ බුදුරදුන්ගේ පෙනුම සමග පහත  සංවාදය සිහි වේ. 

බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් පසු රජගහ නුවරට වඩිනා විට උන් වහන්සේට උපක නම් ආජීවකයා හමු විය..ශාන්ත ගමනින් වඩිනා බුදුන් වහන්සේ දැක මෙම උපක ආජීවකයා පුදුමයට පත වී මෙසේ පැවසීය.
"ඇවැත්නි ඔබගේ ඉන්ද්‍රියයෝ ඉතාමත්ම පැහැපත්ය, ශරීර වර්ණය පිරිසුදුය, හාත්පසින් බබලන්නේය. ඇවැත්නි, ඔබ කවරෙකු උදෙසා පැවිදි වූයෙහිද ? "

බෞද්ධයන් සදහම් මාර්ගයට පැමිණීමේ මුල් පියවර වන්නේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව උපදවා ගැනීමයි.
අපට හුරු පුරුදු බුදු පිළිම වලට සැබවින්ම බුද්ධ තේජස පිලිබිබු කල නොහැකි උනත්  , විසිළු පෙනුමැති ෆෙංෂුයි පිළිමය එය සුනු විසිනු කරන බව නම් කිව හැක.
මෙම පණිවිඩය හැකි තරම් ව්‍යාප්ත  සහ Facebook හි share කරන  ලෙස ඉල්ලමින් දහම් පාසලේ උගත් කවියක් සමග ලිපිය නිමා කරමි.

පුන් සඳ මෙන් කදු මුදුනේ දිස් වන
රන්වන් සිව්රක්‌ පොරවා රැස් දෙන
තුන් ලොවටම මෙත් කරුණා වස්සන
අන්න බලන් බුදු සමිදුගේ ලස්සන...

සම්මා සම්බුදු සමිදුගේ මුනේ
ලස්සන වෙන කිසි මලකත් නැනේ...... 




අදහස් දක්වල යන්න....


දැනුම ලබා ගත් සබැදි කිහිපයක්.






19 comments:

Madhawa Habarakada said...

ඉතාම වැදගත් හා කාලීන ලිපියක්. ඇත්තෙන්ම මේ Laughing Buddha කියන පිළිම වලට දැන් හරියට ඩිමාන්ඩ් එකක් තිබෙනවා. ෆෙංෂුයි අනුව එය සෞභාග්‍යයගෙන දෙනවාලුනෙ.
ෆෙංෂුයි වල යම් යම් දේවල් පිළිගත්තත් (විද්‍යානුකූලව හිතුවම ඇත්ත වෙන්න පුළුවන් දේවල්) මේ වගේ දේවල් නම් මම පිළිගන්නෙ නෑ.

මේකෙන් නිර්මල බුදු දහමට නිගරු වෙන්න දෙන්න හොඳ නෑ.

සංකල්පනා - රුවන් said...

මේ ෂෙංෂුයි වත් මේ පිලිමය වත් ඕනේ නෑ සෞභාග්‍යය ලැබෙන්න. කොලේක ලියාගත්තාම් "සෞභාග්‍ය ලැබේවා කියලා" ඒක පේන තැනක ගැහුවානම් හරි. ඒකයි ඒකේ විද්‍යාත්මක පැත්ත මම හිතන්නේ.

සරළව කියනවානම් අපේ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කල විදයට හැම දේකටම මුල "සිත".

අර අසිරි වනිගරත්න කියන හොරා ඉතින් වැලි මුටිටියි තඔ කාසි මැටි රූප ටිකයි මෝඩයෝ රැලකට චීන රහස් කිය කියා විකුණනවා...

දොලුකන්දත් හරි ගාල්තැන්නේ බද්‍රකාලියත් හරි රාජ් කුමාර් කටුබැද්දේ queens of angels එකේ fastor රුත් හරි (Eagle)කාරයත් හරි ආසිරියත් හරි චන්දන රණසිංහයත් හරි දඬුවම් මුදලාලිත් හරි...

සංකල්පනා - රුවන් said...

මේ ෂෙංෂුයි වත් මේ පිලිමය වත් ඕනේ නෑ සෞභාග්‍යය ලැබෙන්න. කොලේක ලියාගත්තාම් "සෞභාග්‍ය ලැබේවා කියලා" ඒක පේන තැනක ගැහුවානම් හරි. ඒකයි ඒකේ විද්‍යාත්මක පැත්ත මම හිතන්නේ.

සරළව කියනවානම් අපේ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කල විදයට හැම දේකටම මුල "සිත".

අර අසිරි වනිගරත්න කියන හොරා ඉතින් වැලි මුටිටියි තඔ කාසි මැටි රූප ටිකයි මෝඩයෝ රැලකට චීන රහස් කිය කියා විකුණනවා...

දොලුකන්දත් හරි ගාල්තැන්නේ බද්‍රකාලියත් හරි රාජ් කුමාර් (Eagle) එකාත් හරි කටුබැද්දේ queens of angels එකේ fastor රුත් හරි කාරයත් හරි ආසිරියත් හරි චන්දන රණසිංහයත් හරි දඬුවම් මුදලාලිත් හරි...

Tishan Pubudu said...

ඇත්තටම...මේ කාලේ විලාසිතාවක් වගේ වෙලා මේ වැඩේ. ඇයි මේ මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි තමන්ට ලැබෙන්නේ තමන් කරන දේවල් වල ප්‍රතිපල විතරයි කියල. මොනවා කරත් එක වෙනස් කරන්න බෑ. බුදු හාමුදුරුවෝ කිව්වෙත් එහෙමනේ.

රතු මුහුද said...

බුදු ගුණ අනන්තයි........

බැචා said...

සෑහෙන වැදගත් ලිපියක්. විශේෂයෙන්ම බටහිරයන්ට බුද්ධාගම කියන්නේ තවත් නොදන්නා දර්ශනයක් විතරයි. මේ වගේ දේ වලින් පහසුවෙන් නොමග යන එක සාමාන්‍යයි. හැබැයි මෙච්චර බොදු පරිසරයක් තිබිලත් අපේ මිනිස්සුත් මේවට රැවටෙන එක ගැනයි දුක!

Rajitha Abeysinghe said...

ඔය මගුල් ඕන නැ මිනිහෙකුට දියුනු වෙන්න.උත්සහයයි,බුද්ඩියයි හොදටම ඇති.

Kanishka said...

මෝඩ මිනිස්සු අප්පා.. අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.

චිරාන් said...

අමූලිකා ශ්‍රද්ධාවෙන් යුත් බොදු මිසදිටුවන්ට කදිම පිළිතුරකි...

Anonymous said...

ape minissu wadi hariyakage tyanne shraddawak newei..bhakthyak....nyway welldone machng..great work !!

Rishan said...

lokaye sheegrayenma pethirena dahama bududahama. budun wahanse deshana kala dharmaya darshanayak. jeewithaya sarthaka karaganna kiyala dena mawathak.thaman gena ,lokaya gena apitama therum ganna karana maga penweemak. hudu andhayan se an aya piyanagana mawathema yana eka wenuwata ape para apitama soyaganna udaw wena sithiyamak. buddhimathunta deshana kala dharmayak. e yahapath dekmata niga karanna darana uthsahaya thamantama wala kapageneemak. nodenuwathwaho eweni yamakata sambandhanam ho sambandhabawa pasuwaho therum ganeenam,eyin hekithaak ikmanin iwathwenna.
He who got late & not late anymore shall enlighten the world like the full moon freed from a dark cloud.

ෆැන්ටසි said...

මාධව.:අනවශ්‍ය රැල්ලක් තමයි තියෙන්නෙ,අලුතෙන් ආපුවම හැමදේටම ඔහොමනේ...

රුවන්:..අනිවා...!!ධනාත්මක චින්තනයයේ වක්‍රාකාර යෙදීමකට නිකන් අහු වෙනවා..

ටිෂාන්,බැචා..ලයික්

CRAABEYSINGHE :බුද්ධිය පාවිච්චි කරනවානම් මේවට අහු වෙන්නේ නැනේ මචෝ..

කණිය,චිරාන්:දැනුවත් කිරීමයි විසදුම..

ඇනොනිමස්::)

රිෂාන්:එල මචං

Lihil Uthpala Subasinghe said...

ඔව් බං. උඹ හරි. ලංකාවෙ මිනිස්සුන්ගෙ තියෙන්නෙ හරිම අන්ධ භක්තියක් :( :(

ෆැන්ටසි said...

නිවැරදි මග පෙන්වීමක අවශ්‍යතාවය තදින් දැනෙනවා...

Sameeraj said...

මේකට හේතුව තමයි අපේ මින්ස්සු කෙටි මං වලින් අඩු මහන්සියකින් ධනවත් වෙන්න තියන උත්සහ කරන එක. :)

Anonymous said...

good

Anonymous said...

Buddha is one is one and only. We cannot conspire his sole to any one.

Anonymous said...

This article is wrong in some aspects. Monk Budai was a real Buddhist monk, not a mythical god. He was a norble person who was happy and contempt with what he had. His statues symbolize the same, being happy and contempt with what you have. Read this link to find the truth about monk Budai. I would not insult a norble monk and gain bad karma.
http://en.wikipedia.org/wiki/Budai

Anonymous said...

@anonymous : wikipedia is not a reliable source,the conflict that this article pointing out is still there(most of Europeans update wiki with there knowledge).& its not insulting..article is all about to give awareness about this Feng shui marketing mafia substituting our lord buddha

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment