Pages

Thursday, June 2, 2011

පිටිකිරි බොනවාද ? දැනුවත් වී බොනව නම් බොන්න...

කිරිපිටි නම් වූ වෙළද භාණ්ඩය  අප ජීවන රටාවට කොතරම් සමීපව බද්ධව ඇද්ද යන්න, ඒ පිටුපස ඇති වෙළද සැලසුම් හා සංකල්ප නොදැනෙන  තරමටම ප්‍රභල වී ඇත.ශක්තිජක පානයක්,උත්තේජකර හෝ ආහාරමය පානයක් ලෙස   භාවිතයට ගන්නා කිරිපිටි ,  සැබවින්ම බලාපොරොත්තුවන ගුණ වලින් සමන්විත වේද?
අපට මැවී ඇති චිත්‍රය නිවැරදිද?කිරිපිටි වල සෞඛ්‍යමය හිතකර/අහිතකරභාවය පිළිබද සොයා බලමු....


උදෑසන ප්‍රථම ආහාරය ලෙස කිරිපිටි වීදුරුවක්‌ පානය කිරීම මෝස්තරයකින් ඇරඹ පසුව එය පරම්පරාවෙන් දායාදය වන පුරුද්දක් බවට පත් වී ඇත.දවසට අවශ්‍ය ශක්තිය ,ජවය ලබන ප්‍රධාන ප්‍රභවය ලෙසද ,ඇතැම් විට ඒ හා බැදුණු තවත් පුරුදු ඇති වන තරමටම කිරිපිරි වලට අප ඇබ්බැහි වී ඇත.මේ අවසාන පුරුද්ද හුදු අහම්බයක් නොවන බව වටහා ගත යුතුය.කිරිපිටි අත්‍යවශ්‍ය ආහාරයක් බව ඒත්තු ගන්වා තමාට වෙළදපොලක් බිහිකර ගැනීම දක්වා ඒ පිටුපස ක්‍රියාත්මක වූ බහුජාතික සමාගම් ගැන අප විමසීමක් නොකරන්නේ,මෙහි ඇති භයානක හා අවාසිදායක පැති නොදකින්නේ අදාළ සමාගම්වල සාර්ථක වෙළද සැලසුම් නිසාමය.


නානාප්‍රකාර නම්වලින් සහ ඇසුරුම් වලින් වෙළද පොලේ දකින්නට ලැබුණත්  ශ්‍රී ලංකාවට කිරිපිටි ගෙන්වන්නේ සමාගම් දෙකකින් පමණි.ඒ නවසීලන්තය සහ ඕස්ට්‍රේලියා රටවල ප්‍රධාන බහු ජාතික සමාගම් දෙකකි. මෙලෙස ආනයනය කර සම්පුර්ණ යොදය සහිත කිරි ලෙස අපට විකුණන කිරි වල සැබෑවට අන්තර්ගත වන්නේ සකස් කර බාල කරන ලද කිරිපිටි බව පෙරළිකාර සොයා ගැනීමක් වී ඇත.එළකිරි වල අඩංගු සැබෑ යොදය වෙනුවට ඌරු තෙල් ,පොල් තෙල් සහ වෙනත් තෙල් වර්ග අඩංගු කර නැවත බාල ලෙස සකස් කරන බව එංගලන්තයේ සුප්‍රසිද්ධ රසායනාගාර සේවයක් වන "එක්ලිප්ස්"  මගින්  පර්යේෂණ කර  සොයාගෙන ඇත.මෙහි ඇති හාස්‍යජනක ස්වභාවය නම් එළකිරිවල ඉතාම පෝෂ්‍යදායී කොටස් එම රටවල චීස් බටර් නිෂ්පාදනයට යොදාගෙන ඉන් ඉතුරුවන රොඩ්ඩ අප වැනි ආසියාතික  රටවලට ලාබෙට  එවීමයි.මෙලෙස අඩුමිලකට සකස් කරන ලද පිටි එවන බව මෙරටට කිරිපිටි ගෙන්නන එක් සමාගමක් වන ෆොන්ටෙරා සමාගමේ ප්‍රධානියෙකු පිළිගෙන ඇත.අඩුමිලක විකුණන ව්‍යාජ්‍ය කිරිපිටිවල නිරුවත වසාගෙන ඇත්තේ දැවැන්ත ප්‍රචාරක යුද්ධයක් මගිනි.අද රුපවාහිනිය නරඹන විට කොතරම් ප්‍රතිශතයක් කිරිපිරි දැන්වීම් යයිද යන්න නිරීක්ෂණය කිරීමෙන් ඔවුන් මැවීමට යන චිත්‍රය පිළිබද දැන්වත් විමසිලිමත් වන්න.දැවැන්ත ලෙස වඩාත් සංවේදී තැන් ස්පර්ශ කරමින් ප්‍රචාරක ව්‍යාපාරයක ග්‍රහණයට අප හසු වී ඇත.

අත්‍යවශ ආහාරයක් ලෙස සිත් තුලට කැවීමට උත්සුක නොවන්නේ නම් කිරිපිටි මිල රු.30කින් අඩු කල හැකි බව ගණනය කර තිබේ.ඇමරිකානු සෞඛ්‍ය ආයතනයේ ජෝන් වීස්බර්ග් පවසන්නේ තේ වලින් ලැබෙන නිසි ගුණය ලැබෙන්නේ කිරි නොදා පානය කල විට බවයි.තේ වල ඇති මහගු ගුණයක් වන හර්ද රෝග සහ පිලිකා නැති කිරීමේ ගුණය කිරි යෙදීමෙන් හීන වන බව ඔහු පෙන්වා දෙයි.

බලාපොරොත්තුවන ගුණය නොලබෙනවට වඩා ඔබ්බට  ගිය හානියක් කරන  ආනයනය කරන ලද කිරිපිටි, රෝග රැසකට මුලපුරන බව ඔබ දන්නේ නම් කිසි දිනක රටපිටිකිරි භාවිතා නොකරන බවට නිසැකය. ඒවා සෘජුව වකුගඩු අක්‍රමිකතා ,දියවැඩියාව,අධි රුධිර පීඩනයට හා ඇතැම් පිළිකා තත්ත්ව වලට  බලපාන බව වයිද්යවරු විසින් තහවුරු කර ඇත.චීනයේ කිරිපිටි පානය කර මියගිය ළදරුවන් සමග ඇති වූ  රැල්ලත් සමග ලංකාවේද “මෙලමයින් ”නමැති රසායන ද්‍රව්‍යය ඇත්දැයි පරීක්ෂා කෙරුණි.එහිදී චීනයේ තරම් නොවුනත් යම්කිසි ප්‍රතිශතයක් ඇති බව තහවුරු විය.මෙවැනි රසායන ද්‍රව්‍ය දීර්ගකාලයක් ශරීරගත වූ විට දියවැඩියාව සෑදීමට ප්‍රවනතාවයක් ඇත.මෙරට නාගරික ජනග්‍රහණයෙන්  16% ක්ද ග්‍රාමීය ජනග්‍රහණයෙන් 8.6%ක්ද දියවැඩියාවට ගොදුරු වී ඇත.2000 වසරේ සිට  වසර 7 ක් තුල සමස්ත ජනග්‍රහණයෙන් දියවැඩියාව වැළදුණු ප්‍රමාණය 3.7% කින් වැඩිවීම ප්‍රශ්නාර්ථ ලකුණක් අප ඉදිරියේ ඉතුරු කරයි  "?"  .
මෙතරම් හානි ගෙනෙන රට පිටිකිරි ආනයනයට අවුරුද්දකට රුපියල් ලක්ෂ 20,000 වැය කරයි.අතිශය නිරර්ථක හා හානිකර කිරිපිටි ගෙන්වීමට වැය වන විදේශ විනිමය අපට නවත්වා ගැනීමට නොහැකි වී ඇත්තේ ඇයි ? මේවයේ සත්‍ය ස්වභාවය තවමත් වසන් වී ඇත්තේ ඇයි? දේශීය කිරි නිෂ්පාදනය නගා සිටුවා රටට ගුණදායක දේවල් වෙළදපොලට නිකුත් කිරීමට රජයන්ට නොහැකි වී ඇත්තේ අදාළ බහුජාතික සමාගම් අප සිරකොට ඇති නිසාවෙනි .අධිරාජ්‍යවාදය පැතිරෙන්නා සේ බහුජාතික සමාගම් අප රට තුල පැලපදියම් වී වෙළදපොල පවත්වා ගැනීමට කටයුතු කරයි.බලය භාවිතා කර කිරිපිටි වලට ප්‍රචාරණය ලබා දෙන අතර එහි අසුභවාදී පැති සගවන්නේ මර්ධනය කිරීමෙනි.වසන්  කිරීමෙනි.

මේ පණිවිඩය හැකි තරම් ප්‍රචාරය කරන්න.Facebookහි shareකරන්න 
ආර්ථිකය කෙසේ වෙතත් අරෝග්‍යය පරම ලාභයයි.හැකි තරම් දේශීය කිරිපිටි හා දේශීය පාස්චරිත කිරි පානය කරන්න.

“අම්මාගේ ආදරය” රැගත්  “නුවණක්කාරයන්” ගන්නා “දෙනුන්ගෙන් දොවාගත් සැබෑම  එළකිරි ” වලට අප හසුවී ඇති තරම දැන්  වැටහුනි ද?

PDF download කරගන්න... 

19 comments:

Anonymous said...

elama ela....mewa tamai danna oni....

Anonymous said...

It is always better to provide some scientific proof, research papers when you are claiming something like this.

According to my knowledge milk has fat content which is lager than the fat amount required in milk powder. As a result the excess fat is removed from milk when making milk powder and they are used to make cheese and butter. But when reducing the fat content it goes beyond limit therefore additional fat like vegetable fat is added to the process. This is obvious in milk powder manufacturing.


Process Engineer

චන්දික ගුණතිලක said...

හොඳයි සහෝදරයා මමත් ඔය ගැන කලින් ලියලා තිබ්බා.http://chandikagunathilake.blogspot.com/2011/02/blog-post_22.html

Anonymous said...

ඔය මගුල් බොන්න හොද නැ. එක තෙරැම් ගන්නේ නැ ඉතින් අපේ ඉන්න බත් කන හරක්. හොදම දේ තමයි ඉතින් fresh milk බොන එක. එත් ඉතින් එකත් කරන්න අමාරැයි ගොඩක් කට්ටිය ඉන්න පවුල් වලට. හොදම දේ තමයි නිකන් කහට තේ එකක් බි ඉන්න එක. මේ ජාරාවල් නිසා හොයා ගන්න බැරි ​ලෙඩ තමයි හැදෙන්නේ.

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

අපිනම් තේ බොන්නේ... මම කිරිවලට කැමතිත් නෑ. තේ තමා මට නම් අල්ලන්නේ... ඒකෙන් ගන්න ආතල් එක ගන්න පුළුවන් තිබහ වෙලාවට බොන සීතල වතුර ටිකකින් විතරමයි !!!

ෆැන්ටසි said...

Anonymous1.thanks machan....

Anonymous2.
10 samples of milk powder send to Eclipse labotary for check fat content.Acording to Austrailian New Zealand standard 100g full cream milk should contaent 26.3%fat and 0.9% butyric acid.As a percentage it should be 3.5%.

but imported milk samples report shows that butyric acid is less 0.9g.It happens when other oil added to milk powder.Specially buitric acid only content on cows and goats milk .

problem here with the Quality of imported milk powder.not the procedure

චන්දික ගුණතිලක : ela machan...danuwath karana ekai wadagath..

Anonymous:wathura thamay hodama panaya machan...

madusha subani said...

godak hodai meka yanna one ape taruna parapure molawalata.

Anonymous said...

First of all 10 samples are not enough tn order to come to a decision. It has been found that seasonal changes this butyric acid.

http://www.sciencedirect.com/science/article/pii/S0308814606007746

So I would be glad if you can provide proof for your argument with standard research papers.

At the same time you say it was below 0.9g. What is this standard. Can you at least gv me a link.
What you are writing is very important and very interesting but you must be ready to defend your argument with proper evidence.

Process Engineer

Anonymous said...

ape ewunta thanakola tikak piti karala ewwath bonawa,ekane bath kawata harak wage hasirenne

ෆැන්ටසි said...

madusha subani: pahadiliwama eka thama wenna ona

Anonymous4:
sending 10 samples is the first approach for this as a doubt of china melamine incident.this inspection is done not by me but a well known foundation called " mawbima lanka ".they informed about this by news papers and press-conferences but the massage still not very popular.As a result unfortunately i cant provide research papers.

here is the answer for butyric acid problem.
I mentioned about Australia New Zealand Food Standards.it is a standard for recognize safe and suitable foods to eat.
butyric acid is a Saturated fatty acid containing four carbon atoms. also use the name "C4FD".

http://www.foodstandards.gov.au/consumerinformation/nuttab2010/nuttab2010onlinesearchabledatabase/onlineversion.cfm?&action=getFood&foodID=09A30018

You can check the link for fat and butyric acid(C4FD) content as 26.3% and 0.9%.
Simply head person of fonterra agreed that they are exporting this kind of low cost prepared milk to developing countries. European countries and even India also prohibited to import such prepared milk as "milk powder".

seems like interested about the topic.
if you want more details,put here your mail address,i can sent some papers.

Buddhi said...

මේ කරුණු එහෙන් මෙහෙන් දැනගෙන හිටියත් පිලිවෙලකට කාටහරි පහදලා දෙන්න පුලුවන් විදිහට අවබෝධ උනේ මේක කියෙව්වට පස්සෙ... බොහොම ස්තුතියි ලිපියට

ෆැන්ටසි said...

Anonymous5. පිටරටින් එන දේවල් ලොකුවට භාරගන්න එක තමයි වැරැද්ද..ඒක ඉතින් එකපාර හදන්න පුළුවන් දෙයක් නෙමෙයි.

බුද්ධි : බොහොම ස්තුතියි...තව තවත් අය දැනුවත් වෙනවනම් මගේ මහන්සිය අපතේ ගියා වෙන්නේ නෑ.

සංදීපගේ මයික්කරපෝනය said...

මමත් පොඩි කාලේ ඉන්දන්ම කිරි පිටි වලට තදින්ම විරුද්ධයි... මං තාමත් ආසයි එල කිරි බොන්න... මේ කාලකන්නි කරන වැඩෙන් ලේසියට අපේ අම්මලත් පිටි කිරි බොන්න දෙනවා... ඔන්න ඉල්ලන් ටින්කිරි ගන්න ගියාම වෙන දේ... නියම ලිපියක් මං මේක share කරනවා

KD Sameera Pulasthi said...

sirawatana ape rate thiyena deal gana kawruth unanduwak na...namuth lankwe eunta pitarain ena ona magulak raththrana watinawa......ehema un nisa thama lankwa thama methana inne.....meka digatma karagena yanna lankawata deyak karamu all the best

ෆැන්ටසි said...

බොහොම ස්තුතියි...

``` Outsider``` said...

හොඳ දැනුවත් කිරීමක්....
කො‍හොමත් හැම දේකින්ම කුණු තමයි අපිට ලැබෙන්නෙ. ආශ්චර්යයයේ දේශයනෙ.

Anonymous said...

කිරිපිටි පිලිබඳව සියලු වෙලඳ දැන්වීම් තහනම් කිරීම පිනිස එක් ‍රැස් වෙමු.ඒ සඳහා මෙම ලිපියේ අඩංගු දේ පිලිබඳ ඔබගේ මිතුරන් දැනුවත් කරන්න.

DISHAN said...

ස්තුති සහො ලිපියට අද වෙලා තියෙන්නෙ ගොඩක් නිවෙස් වල උදෙම ගන්න පලමු අහාරය තාමා මෙ බාල කිරිපිටි බොන ඒක ගුන දායක දෙයක් උදෙම ගන්න ඒක හොදයි කිරි වෙනුවට උදෙම පිරිසිදු වතුර විදුරුවක් බොන ඒක ගොඩක් හොදයි

Bindi said...

හොඳ කතා බහක් . මාත් පිටි කිරි බිම නැවැත්තුවා කලකට පෙර . වැලිඔය කිරි හරක් ෆාම් එක ගැන කලකට පෙර කියෙව්වා . අපේ පිටිකිරි සංස්කෘතිය ඇති වුන හැටි සොයා බලල ලිපියක් ලියනවා නම් කවුරු හරි මගේ මතක බෙදා ගන්න ලෑස්තියි . නැවුම් කිරි තමයි හොඳ . ඒවා වුනත් පමණට වඩා බිව්වොත් වකුගඩු වලට දරන්න බැහැ අධික ප්‍රෝටීන් ප්‍රතිශතය නිසා . මන් දන්නා ඉන්දියන් අම්මලා පිටි කිරි දෙනවා අඩුයි . දියර කිරි ඒ විදිහටම නැතුව UHT වගේ ක්‍රම වලින් කල් තියා ගන්න පුළුවන්නේ . කිරි ගොඩක් බොන්න ජානවලින්ම හැඩ ගැහිලා ඉන්න යුරෝපියන්ගෙයි අපෙයි ශරීර එක වගේ නෙමේ . ඒ ළමයි නම් ලීටර් ගණන් කිරි බොනවා . හොඳ හැටි කොළ එළවලු හැදෙන නිවර්තන අපි එහෙම බොන්න ඕනද . චීස් වුනත් අපිට එවන්නේ ස්වභාවික ඒවා නෙමේ . ස්වභාවික චීස් වල ඇති ඇඟට හිතැති ක්ෂුද්‍ර ජීවින් ඒවායේ නැහැ . මේ වෙලාවේ ඉතින් මෙව්වා කියලත් බැහැ . ආණ්ඩුවෙන් ගණන් උස්සපු වෙලාවේ . කඩේ යාමක්ද කියල හිතෙන නිසා . දශක 4 ක් විතර තිස්සේ පිටි වලට හුරු කල රටක් එක පාරට වෙනස් වෙයිද . දියර කිරි බෙදාහරින්න නිසි ක්‍රමයකුයි දුප්පත් මිනිස්සුන්ට ගන්න පහසු මිලකුයි එනකම් මොකුත් කියන එක සදාචාරසම්පන්නත් නැහැ වගේ . කිරි වැඩිය ඕන නැහැ කියල අපේ දොස්තර වරු කලකට පෙර ඉඳන්ම කියනවා . ගැබිණි වාට්ටුවලත් අම්මලට බැන බැන මව් කිරි ටික දෙන්න උනන්දු කරන හැටි මන් දන්නවා .

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment